Friday, December 31, 2010

ආදර දම්මි

ආදර දම්මි

නිලුපුල්ට ඔයා ලිව්ව ලියුම
මටත් කියවලාම තැපැල් කරන්න
කිව්ව නිසා මම කියෙව්වා.
ඒක ඔයා කෙලින්ම තැපැල් කලානම් ඉවරයි දම්මි.
මොන එහෙකට මට කියවන්න කිව්වද කියල
මට හිතාගන්න බැහැ

මොකක්ද ඔයාගෙ මේ හැටි තියෙන සහෝදර ප්රේ්මෙ?
සුදු අයියේ, සුදු අයියේ, අයියගේ සුදු
කකුල් අල්ලා වඳින්නම්, සුදු අයියගෙ ලස්සණ හිත...
මොන විකාරයක්ද ඒ...?
ඔයාගෙ ඔය අපූරු සහෝදර ප්රේ මෙ දෙන්නකෝ
ඔයාගෙම මල්ලිට...
ඌට ඔයිට වඩා ඔයා ආදරේ පෙන්නනවනම්
ඌත් කියන‍ දේ අහල පාඩම් වැඩ කරන්
ගෙදර ඉඳියි, රෑ දවල් නැතුව හන්දියෙ
බයිල කිය කියා ඉන්නෙ නැතුව

මට ඇත්තටම තරහයි ඔයාගෙ
සදා ලැදි අයියට ලිව්ව ලියුම ගැන
ඔයාට එදා කෙලින්ම එයාට
කියන්න තිබුණනෙ මම ගැන
මොකද ලැජ්ජ හිතුණෙ මම දුප්පත් හින්දද?
මේ වගේ තත්වයක් කවද හරි
ඇතිවෙයිද කියල
අපේ ආශ්ර ය පටන් ගන්න කොටත්
මට නිකමට හිතුණ

මම දුප්පත් උනාට
මගේ ආදරේ දුප්පත් නැහැ දම්මි
මම ඔයාගෙනුත් බලාපොරොත්තු වුනේ
ඒ වගෙම ආදරයක්
ඒත් අර ලියුම කියෙව්වට පස්සෙ
මම හිතන පතන දේ වැරදිද කියල
මට හිතෙනව
ඒක සාධාරණ ප්රේශ්නයක් කියලයි
මට හිතෙන්නෙ...

ඔයා ඒකෙ කියල තිබුණ
නිලුපුල් දකින එකත් වාසනාවක්
ඔයා පව්කාරියක්
ඔයාගෙ කරුමයක් වෙන්න ඇති
නිලුපුල් ව හම්බ නොවුනෙ....

ඔයාම පොඩ්ඩක් හිතන්න
මම ඒව කියවල
මොනව හිතන්න ඇති ද කියල?
ඒකෙ ඔයා වෙන විදිහකින් කියන්නෙ
මම ඔයාට හමුවෙච්ච එක
ඔයාගෙ වාසනාවක් නෙවෙයි කියල
මට තේරෙන්නෙ නැහැ දම්මි
ඔයා කවුද කියල?
ඔයත් හරියට නිමල් මහත්තයගෙ
කුමුදු නෝන වගෙද කියල
මට හිතෙනව...
ඔයාටත් ආරංචි ඇතිනෙ
එයා ගැන පැතිරුණ කතාව...
නිමල් මහත්තයා ඕව ඉවසන් හිටියට
මම නම් ඒ වගේ නෙවෙයි කියල
ඔයා දැන්ම දැන ගන්න එක හොඳයි....!

අනිත් එක ඔයා මට කිව්වෙ
ගෙවල් වල වැඩ කරන්න යන්නෙ නැහැ
පනිනව වෙල ගාව මහ ලිඳට කියල
ඒ උනාට නිලුපුල්ට කියල තිබ්බෙ
කොළඹ ගැමුණු මහත්තයල දිහා ගියානම්
එයාවත් හමුවෙන්න තිබ්බ කියල
තව මොන ඉටිගෙඩියක්ද
ඔයාට කියන්න තියෙන්නෙ
ගමේදි කතාවත් නොකරපු....
නිලුපුල් ට?

මට නම් මේව අප්රකභංශ....

මගෙ ඔළුව නරක් වෙලා තියෙන්නෙ
මේව ගැන හිතල
පාඩම් කරන්න තිබ්බ උනන්දුවත්
නැහැ දැන්...
හිත එකලස් කරගෙන
පොතක් පතක් බලන්න
මට බැහැ දම්මි...

කුසුම් අතේ ඉක්මනට ලියුමක් එවන්න.

මම

සදා නොවෙනස්
(ඔයාගෙම????) නාමල්

(විපුල)

No comments:

Post a Comment