Saturday, May 8, 2010

මගෙ ආදර බාලොලි මල

මගෙ ආදර බාලොලි මල

මගෙ ලියුම ලැබුණද
මොකද තාමත් නැත්තෙ පිලිතුරු
කුසුම්ගෙන් ඇහුවට
දන්නෙ නැහැ හරි තොරතුරක්

ගිය සුමානෙ බලන් හිටියේ
ආසාවෙ මගෙ කෙල්ල බලන්නයි
කුසුම්ලෑ දිහා නාවෙ ඇයි
අඩු ගානේ එයාටවත්
කිව්වෙ නැත්තේ ඇයි මුකුත්

ඔයෑලෑ ගෙවල් අහ
එදා ඉඳලාම
කැරකුණා මම
කීප සැරයක්
කකුල් රිදුණත් මගේ
අත් හැරියෙ නැහැ‍
දඬු මොණ‍රගෙ හුලං බහිනකල්

බෙල් ගැහුවට සයිකලේ
කවුරුවත් නැහැ ආවෙ එලියට
මල්ලිවත් නැහැ හිටියෙ හන්දියේ
මොකද ඔක්කම සද්ද නැත්තේ

අම්ම නම් ඇති මහගෙදර දැන්
තාත්ත වැඩ පොලේ හිරවෙලා ඇති
ඒත් ඔයා හරි, මල්ලියාවත්
ඉන්න ඕනැනෙ ගෙවල් පැත්තේ

ඔයා කොළඹට ගියා වත්දෝ
මාව අමතක වුනාදෝ
කියල හිතෙනව නොයෙක් වාරෙට
ඉන්නෙ මගෙ හිත තද කරන්

එහෙම හිතුණට ඇත්තටමනම්
මගෙ හිතේ නැහැ කිසිම සැකයක්
ඔයා නොවෙනස් වෙන බවනම්
විශ්වාසයි ඉර හඳ වගේ

වැඩි විස්තර ලියන්නට බැහැ
දම්මි උත්තර ලියන කල්
ඉක්මනින් මට ලියනවානේ
කුසුම්ටවත් විස්තර කියන්නකෝ

ඉක්මනින් හමුවෙන්න පතාගෙන
නවතින්නම් මම ආදරෙන්
තෙරුවන් සරණයි
මගෙ සුදු කෙල්ලට

ඔයාගෙම ආදර


නාමල්

(විපුල)

No comments:

Post a Comment