Sunday, May 30, 2010

Dearest Kumudu

Dearest Kumudu

What can I do?
I can't meet you or even call you.
This is the only way I can remain sane
So I write to you again.

අපි දෙන්නම මුල ඉඳන්ම දන්නව මේක
නිමාවක් නැති අපැහැදිලි ගමනක් කියල
නමුත් හැම මොහොතකම
මට මතක් වෙන්නෙ ඔයාගෙ උණුසුම
මට ඒ උණුසුම හැමදාම මගෙම කර ගන්නයි ඕනෙ
ඒ නිසා මම මේ ගමනෙදි
මං මුලා උනත් කමක් නැහැ කුමුදු

Same way, you know I love you too
But when WE choose THIS path
I thought it's OUR path
I can't find or think of any other path in my life.
The only path my heart knows is
the path WE both choose that
one dark night which changed my life forever.

මාත් හොඳටම දන්නව කුමුදු
අපි කරන්නෙ ලොකු වැරැද්දක් කියල
මට පන්සිල් ගන්න උන වෙලාවකදි
තුන්වෙනි පදේ මම නොකියම ඉන්නව දැන්
හිතට එකඟව මට ඒක බොරුවට
මුමුණන්නවත් බැහැ

අන්තිම දවසෙ අපි හමුවුනාට පස්සෙ
මගෙ බැනියමේ රැඳුන ඔයාගෙ සුවඳ
තාමත් යන්තම් මට දැනෙනව
සමහර විට ඒක මගෙ හිතේ ඇඳුන
සුවඳක් වෙන්නත් ඇති
මට ඕන ආයෙත්
ඒ සුවදේ එතිල ඔයත් එක්ක තනි වෙන්න
මේ මුළු ලෝකෙම අමතක කරල

මම දන්නව ඔයා ඉන්නෙ ගිනි ගොඩක බව
ඒත් අපි මුණ ගැහිල විඳින
සැපත තාවකාලික උනත්
මම ඒකෙන් ලබන සැනසිල්ල
තාම මගෙ මේ පාළු ජීවිතේ
තියෙන එකම සැනසීම
එයින් එහා කිසි දෙයක් ගැන හිතන්න
මගෙ හිතේ ඉඩක් නැහැ කුමුදු

ඔයාට චූටියන්, නිමල් නැතුව
ඉන්න බැහැ වගෙම
මටත් ඔයාගෙන් තොර
ලෝකයක් නැහැ කුමුදු
ඒකයි මම කියන්නෙ ඔයාට
මගෙ ලඟට එන්න කියල

Some times I also feel sorry for Nimal.
How could he be so naive?
I feel guilty to do this to (once) my dearest friend
I never looked at his face straight
since our first date that fateful night.
I always wonder how come he didn't noticed
Any change. Anything at all. I guess it's our luck.

Oh my darling Kumudu,
I am not making you to suffer
for OUR happiness
If there is a way that only I can suffer for our happiness
I will do anything
or give up anything for it
Including my life.

I'm yours forever.
I am waiting to say "you are mine forever".

Rukii


(විපුල)

No comments:

Post a Comment