Saturday, May 29, 2010

කොහොමද...?

කොහොමද...?

ආ.... නේ.... ඔයාගෙ බොරු ලැජ්ජාව...!
නාමල් ගැන මට ආරංචි නොවී තියෙයි කියලද හිතුවෙ?
මට නම් කමක් නෑ ඔයා නාමල්ට ‍මා ගැන කිව්වත්. එයත් ඉතින් දැනගන්න එපාය ඔයාගෙ අතීතේ. අනිත් අතට මේව දැනගත්තාම කවද හරි ඔයා නාමල්ට කණුව තිබ්බ දවසක, මිනිහට ලේසි වෙයි හිත හදාගන්න නේද?

අනේ.... මම මොන ආසාවකින්ද ගමේ ආවෙ? ඉස්කෝල නිවාඩු දෙනකම් දවස් ගැණ ගැණ හිටියෙ. ගමට ආපු ගමනම ඔයාව දකින්න.

ඔයාට දෙන්න කියල ගත්තු පුංචි තෑග්ග තාම මගෙ මේසෙ උඩ. ඒක දකින දකින ගානේ මගේ පපුව හෝස් ගාල යනව.

ඒ කාලෙ නම් මම හිතුවෙ අපි දෙන්නා නල දමයන්ති වගේ කියල. ඒත් දැන් බැළුවම ඔයා අර ගොළු හදවතේ හිටපු සුගත්ගෙ දම්මි වෙලා.

හයි.....යෝ මට අර අපූරුදීගෙ දෙවියාවත් හම්බ වෙනව නම්... එහෙනම් මම වරයක් ඉල්ලල ඔයා මුණ ගැහෙන්න පෙර මට තිබුණු අතීතයට යනව ආපහු.

මීට,
සොවින් තැවෙන

නිලුපුල්

No comments:

Post a Comment